Global Platform For All Sri Lankans

Lanka Hit News

”සති තුනකින් සහල් ගැටලුව විසඳනවා” නියෝජ්‍ය ඇමති නාමල්

සහල් පිළිබඳව පවතින ගැටලු සති 3ක් පමණ වන විට අවසන් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, වී සඳහා සහතික මිලක් ලබාදීමට රජය කඩිනමින් කටයුතු කරන බවයි.

මේ අතර, වන සතුන් හේතුවෙන් සිදුව ඇති වගා හානි පිළිබඳව දිවයිනේ ප්‍රදේශ රැසකින් තවදුරටත් වාර්තා වනවා.

වන සතුන්ගෙන් සිදුවන වගා හා දේපොළ හානි මෙන්ම ජන ජීවිතයට එල්ලවන බාධා පිළිබඳව දිවයිනේ ප්‍රදේශ රැසකින් නිරන්තරයෙන් තොරතුරු වාර්තා වනවා.

ඒ අතරතුර පසුගිය සමයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කුඩා ඔය පිටාර ගැලීමෙන් ඒ ආසන්නයේ පිහිටි අක්කර 500කට ආසන්න වී වගාවන් විනාශ වුණා.

ඒ සමග පොළොන්නරුවේ ගම්මාන රැසක් යාකරමින් පිහිටි අරලගංවිල, කුඩාඔය පාලම කැඩීයෑමේ අවදානමක් මතුව ඇති අතර, ගොවීන් පෙන්වා දෙන්නේ පාලම කැඩී ගියහොත් යළිත් ඉදිරි වර්ෂා සමයකදී යළි කුඹුරු ඉඩම් රැසක් විනාශ විය හැකි බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

නිදහස් උත්සවය හා තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය කාල සටහනක්

තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads