Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමරිකාවේ නොබෝ දිනකින් තහනමට ලක් වන TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් ඩොනල්ඩ් හමුවෙයි

ඇමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේදී TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සි චු හමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

TikTok හි හිමිකාරීත්වය දරන චීන මව් සමාගම වන ByteDance ඇමෙරිකාවේ තහනමකට මුහුණදී සිටින පසුබිමක් තුළයි මෙම හමුව සිදුව තිබෙන්නේ.

එළඹෙන ජනවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි TikTok ජංගම දුරකථන යෙදවුමක් ලෙස ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමට නියමිතයි.

ඒ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් අප්‍රේල් මාසයේදී අත්සන් කළ නව නීතියකට අනුව වේ.

ඉන් වැළකීමට නම් ඇමෙරිකාව තුළ TikTok හි හිමිකාරීත්වය චීනයට අයත් නොවන වෙනත් පාර්ශවයකට පැවරිය යුතු බවයි කියන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ByteDance ඉකුත් දා අමෙරිකානු අධිකරණයක් හමුවට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණද එය අසාර්ථක වී තිබෙනවා.

එම නිසා මේවනවිට TikTok සඳහා බලාත්මක කිරීමට නියමිත නීතිය තාවකාලිකව අවහිර කරන ලෙසයි ByteDance අමෙරිකානු ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

විදෙස් මාධ්‍ය ට්‍රම්ප් සහ TikTok ප්‍රධාන විධායක නිලධාරියාගේ හමුව පිළිබඳ වාර්තා කර තිබෙන්නේ එම වාර්තා මධ්‍යයේයි.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් ඔහුගේ පළමු ධූර කාලය තුළ TikTok තහනමට මුලදී සහයෝගය ලබාදුන්නද, පසුව එයට විරෝධය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සිය 2020 මැතිවරණ පරාජයට දායක වූ බවට ට්‍රප්ම් චෝදනා කළ ෆේස්බුක් වෙත මෙම තහනම මගින් නොදැනුවත්වම ප්‍රතිලාභ ලැබිය හැකි බවට ට්‍රම්ප් විශ්වාස කරයි.

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය එළඹෙන ජනවාරි 20 වනදා ආරම්භ වීමට නියමිත අතර, TikTok විකිණීම හෝ තහනම් කිරීම සඳහා නියමිත කාලසීමාව අවසන් වීමට නියමිතව ඇත්තේ ජනවාරි 19 වැනි දින වේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads