වර්ෂ 2030 වන විට ලොව වයස 60ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ශ්‍රී ලංකාව පැමිණෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය වුණා.
ඒ අනුව, මේ පිළිබඳ නව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධානය යොමු කොට ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතුද මෙහෙයවනු ඇතැයි විශ්වාස කරන බව මාධ්‍ය හමුවට සම්පත් දායකයන් ලෙස එක් වූ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිස ප්‍රකාශ කළා.
මේ අතර මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ඉනුක ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ‘ඇදුම‘ අවදානම අතින් ලෝකයේ අවදානම්ම රටවල් 10 අතර ශ්‍රී ලංකාව සිටින බවයි. ඒ අනුව එය භයානක හා අවධානය යොමු විය යුතු තත්ත්වයක් වන බවද ඔහු අවධාරණය කළා.
‘ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාර සේවාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද? යන මැයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණා.