අමු අයඨිකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අමු අයඨිකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳ පොළට සැපයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවටයි.
අදාළ යෝජනාව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.
රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳ පොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.