උණුසුම් පුවත්

අර්ච්චුනා ඇප මත නිදහස් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඔහු අද (24) දහවල් කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබීමෙන් පසුවය.

ඒ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැදවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිතුත් කර තිබීමෙන් පසුවයි.

Shares: