දේශීය

තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට – හැඳුනුම්පත් නිකුත් කිරීම අද සිට යළිත්

හැඳුනුම්පත් නිකුත් කිරීමේදී මතුවූ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත්කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී.සූරියප්පෙරුම මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ අද (30) දිනයේ හැඳුනුම්පත් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවයි.

එම තාක්ෂණික දෝෂය හේතුවෙන් ඊයේ (29) පස්වරු එකේ සිට 4 දක්වා හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි වී තිබෙනවා.

නිකුත් කිරීමට නොහැකිවූ හැඳුනුම්පත් තැපෑල ඔස්සේ අදාළ පුද්ගලයින් වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Shares: