ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා මසකින් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
2025 සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා පමණක් බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බවට පෙර දැනුම් දී තිබූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඒ අනුව, ලබන වසරේ ජනවාරි 31 වන දිනෙන් පසුව බලපත්‍ර රහිතව ගිනි අවියක් ළඟ තබා ගැනීම තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව දඬුවම් ලැබිය හැකි වරදක්.
එමෙන්ම 2026 / 2027 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය අලුත් කිරිමද රටතුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ජනවාරි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ පසුව සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු මෙන්ම නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.











