දේශීය

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් දහනය අද

අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ හෙරොයින් 106kg ග්‍රෑම් 248g හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90. 5 ක් විනාශ කිරීම අද සිදු කෙරෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගැනීමෙන් පසු, පුත්තලම වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත රැගෙන ගොස් විනාශ කිරීමටයි නියමිතව ඇත්තේ.

Shares: