විදෙස්

ඕස්ට්‍රේලියාව සියලුම ඉන්දියානු අපනයන සඳහා තීරුබදු ඉවත් කෙරේ

2026 ජනවාරි 1 වන දින සිට ඕස්ට්‍රේලියාව සියලුම ඉන්දියානු අපනයන සඳහා වන තීරුබදු රේඛාවලින් සියයට 100 ක් සඳහා රේගු බදු ඉවත් කිරීමට නියමිත වනවා.

එය දෙරට අතර ආර්ථික සහයෝගීතා සහ වෙළඳ ගිවිසුම (Ind-Aus ECTA) යටතේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.

මෙම තීරණය ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන අතර විශේෂයෙන් ඉන්දියානු අපනයනකරුවන්ට වෙළඳපල ප්‍රවේශය වැඩිදියුණු කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

එමෙන්ම ඔවුන් මෙම පියවර ගෙන තිබෙන්නේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව Ind-Aus ECTA හි වසර තුනක් සනිටුහන් කරන අවස්ථාවේදී බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඒ අනුව 2026 ජනවාරි සිට ඉන්දියාවෙන් අපනයනය කරන සෑම නිෂ්පාදනයක්ම රේගු බද්දෙන් තොරව ඕස්ට්‍රේලියානු වෙළඳපොළට ඇතුළු වනු ඇති.

එහිදී එමගින් ඉන්දියානු භාණ්ඩ සඳහා මිල තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට සහ ආර්ථිකයන් දෙක අතර සැපයුම් දාම සම්බන්ධතා ශක්තිමත් කිරීමටයි අරමුණු කෙරෙන්නේ.

2024-25 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ඕස්ට්‍රේලියාවට කළ අපනයන සියයට 8 කින් වර්ධනය වූ බවත්, එය ඉන්දියාවේ වෙළඳ ශේෂය වැඩිදියුණු කිරීමට දායක වූ බවත් එරට මධ්‍යම වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් පවසනවා.

එමගින් නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය, රෙදිපිළි, ප්ලාස්ටික්, ඖෂධ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශවල ශක්තිමත් වර්ධනයක් වාර්තා වූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ පලතුරු සහ එළවළු, සමුද්‍ර නිෂ්පාදන, කුළුබඩු සහ කෝපි හරහා කෘෂිකාර්මික අපනයන ද පුළුල් වූ අතර, 2025 අප්‍රේල්-නොවැම්බර් කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ අපනයන සියයට 16 කින් ඉහළ ගිය බවයි.

තවද මෙසේ තීරුබදු ඉවත් කිරීම විශේෂයෙන් රෙදිපිළි, සම්, මැණික් හා ස්වර්ණාභරණ සහ සැකසූ ආහාර වැනි ශ්‍රමය අවශ්‍ය අංශවලට ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවටත් අපේක්ෂා කරනවා.

Shares: