උණුසුම් පුවත්

6 වසරේ ආන්දෝලනාත්මක පෙළපොත් කොටස ගැන කමිටු විමර්ශන අවසන්..

6 ශ්‍රේණියට අදාළ ආන්දෝලනාත්මක පෙළපොත් මොඩියුලය (Module) සමාලෝචනය කිරීම සඳහා පත් කළ අභ්‍යන්තර කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අගමැති හරිනි අමරසූරිය සහ තවත් අමාත්‍යවරුන් සමග අද (04) පැවැත්වුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

එම වාර්තාවේ නිර්දේශයන්ට අනුව ඉදිරි කාලසීමාවේදී ඒ සම්බන්ධයෙන් ගත යුතු සුදුසු පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Shares: