නීති විරෝධීව මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් දස දෙනෙක් අද (13) අලුයම ඩෙල්ෆ්ට් දූපත මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ධීවරයින් ඉන්දියාවේ රාමේෂ්වරම් ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එම යාත්‍රාව සහ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට මුහුදු සීමා නීති උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මතයි.
එම පිරිස සහ යාත්‍රාව කරෙයිනගර් නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම ඔවුන් සහ ධීවර යාත්‍රාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.











