ඡන්ද කාඩ් නොලැබුණු අය ලබන බදාදා ළඟම තැපැල් කාර්යාලයට යන්නැයි මැතිවරණ කොමිසම පවසනවා.
(21) වැනි සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත්, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ(14) දිනයෙන් අවසන් කෙරුණා.
එසේම, මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කර තිබුණේ, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යාවශ්‍ය නොවන බවයි.
ඒ වෙනුවට ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හා රියදුරු බලපත්‍රය හෝ වලංගු අනන්‍යතා ලේඛන 9ක් එම කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා.