දේශීය

විදුලි සැර වැදිමෙන් අයෙක් ජීවිතක්ෂයට

වැලිගම, කම්මල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදිමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇති බවයි.

කොලේදන්ඩ, වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි පිය පුතු දෙපළකටයි මෙලෙස විදුලි සැර වැදී ඇත්තේ.

මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ පියා වන අතර විදුලි සැර වැදීමෙන් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 22ක් වූ පුත්‍රයායි.

මරණකරු ඔහුගේ පුතා සමග ඊයේ (14) රාත්‍රියේ ගවයින් ගැටගැසීම සඳහා ගොස් සිටියදී අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

විදුලි රැහැන අදින ලද සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Shares: