දේශීය

මන්නාරම පේසාලේ මුහුදේ දිය නෑමට ගිය 03කට දිවි අහිමියි

මන්නාරම, පේසාලේ මුහුදේදී ඊයේ (15) සවස දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයින් සිවුදෙනාගෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දියේ ගිලීමෙන් අතුරුදන් වූවන්ගෙන් දෙදෙනෙකුගේ සිරුරු ඊයේ සවස් කාලයේදීයි සොයා ගැනුණේ.

එමෙන්ම, එක් අයෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මන්නාරම දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීමෙන් අතුරුදන්ව සිටි අනෙක් පුද්ගලයාගේ සිරුර ඊයේ රාත්‍රියේ වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇති අතර මෙම මියගිය පිරිස අතරට පාසල් සිසුවෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ පේසාලේ, වසන්තපුරම් සහ උදයපුරම් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පේසාලේ පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Shares: