“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවේ ඊයේ (15) දිනට අදාළ දෛනික වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම යන අරමුණු ඇතිවයි මෙම ජාතික මෙහෙයුම පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වැනි දින සිට ආරම්භ කෙරුණේ.
ඒ අනුව පොලිසිය පැවසුවේ සිදුකරනු ලැබූ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් 979ට අදාළව ඊයේ දිනයේදී සැකකරුවන් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
තවද නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවෙකු සහ රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් 15 දෙනෙකුද සිටින බව පොලීසිය සඳහන් කළා.










