උණුසුම් පුවත්

ජනපති නාගදීපය වැඳ පුදාගනී

උතුරේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නාගදීප රජමහා විහාරයට වැඳපුදාගෙන ආශීර්වාදය ලබාගෙන තිබෙනවා.

ජනාධිපතිවරයා, අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් බැහැදැක ආශීර්වාදය ලබාගත්තේ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුවයි.

එහිදී මෑතකාලීනව වඩාත් ආන්දෝලනකයකට තුඩු දුන් යාපනය, තෛයිට්ටි තිස්ස විහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

තිස්ස විහාරය පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බවට පදුමකිත්ති තිස්ස නාහිමි මෑතකදී ප්‍රකාශ කර තිබීමත් විශේෂත්වයක්.

Shares: