දේශීය

නවගමුවේ වෙඩිල්ලට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය, කොහොල්විල ප්‍රදේශයේදී ඊයේ (18) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.

අදාළ සැකකරු අපරාධකරුවන් පැමිණි වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, එහිදී එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනාට බරපතළ තුවාල සිදු වුණා.

Shares: