දේශීය

දකුණ මුහුදේ දී ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගොඩබිමට

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ පොලිසිය විසින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදාව විසින් දිගුදුර නෞකා යොදාගනිමින් මෙම බහුදින ධීවර යාත්‍රා දෙක සොයා විශේෂ මෙහෙයුමක් සිදුකළ බවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඉන් එක් යාත්‍රාවක පුද්ගලයින් 5දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ පුද්ගලයින් 6දෙනෙකු සිටි බව ද නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මෙම යාත්‍රාවන්හි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 270ක් පමණ ඇති බවටයි සැක කරන්නේ.

නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතයි.

Shares: