විදෙස් රටක නිෂ්පාදිත අංකය මකා දමන ලද ගිනිඅවියක් හා එම අවියට යොදන පතොරොම් 02ක් සමග සැකකරුවෙකු ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත උස්වැටකෙයියාව ප්රදේශයේදී සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු වයස අවුරුදු 24ක් වන උස්වැටකෙයියාව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මධ්යම අපරාධ විමර්ශන කාර්යංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.











