දේශීය

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක්

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබෙනවා.

පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සූදානමින් සිටින බවත්, ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන් තොරතුරු හා උපදෙස් යාවත්කාලින කරනු ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

හදිසි අවස්ථාවක ඇතිවන මිසයිල ප්‍රහාර පිළිබඳව සෑම ස්මාර්ට් ජංගම දුරකථනයකටම තොරතුරු ලැබෙන අතර සයිරන් හඬ නිකුත් වුවහොත් තමා ආසන්නයේ ඇති ආරක්ෂක කුටියක රැකවරණ ලබා ගත හැකි බවත් එහි සඳහන්.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (31) පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා තානාපති කාර්යාලය විවෘතව තැබෙන බවත්, මෙම කාලය තුළ සාමාන්‍ය රාජකාරි සිදු කරගත හැකි බවයි.

Shares: