කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බවත් කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් පවසනවා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර පසුගියදා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා කොරියාවේ ශ්‍රමික වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්ට ලබාදී ඇති අවස්ථාව පිළිබඳව එරට රජයට සිය ස්තූතිය පළ කර ඇති අතර,
ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ද අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබෙනවා.
.










