මෙල්බර්න් හි ගාන්ධි ප්‍රතිමාව සොරකම් කිරීම සම්බන්ධයෙන් ‘වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන’ ලෙස ඉන්දීය රජය ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ‘අතුරුදහන් වූ ප්‍රතිමාව නැවත ලබා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස’ ඉල්ලා සිටින බවයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි මහත්මා ගාන්ධි ප්‍රතිමාව දෙපා අසලින් කපා කිසියම් පිරිසක් එය සොරකම් කර ගෙන ගොස් තිබුණා.
ලෝකඩ යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පිළිමය, කිලෝග්‍රෑම් 420 ක පමණ බරකින් යුත්ක බවයි මාධ්‍ය වාර්තා දක්වන්නේ.
මෙම ප්‍රතිමාව ස්ථාපනය කර තිබුණේ මෙල්බර්න් හි ඉන්දියානු මධ්‍යස්ථානය ඉදිරිපිටයි.
කෙසේනමුත් රෝවිල් හි ඕස්ට්‍රේලියානු ඉන්දියානු ප්‍රජා මධ්‍යස්ථානයේ සොරකම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශනය කරමින් සිටින අතර ඉන්දීය නිදහස් නායකයාගේ ප්‍රතිමාව විකිණීමට උත්සාහ කරන පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස පරණ යකඩ වෙළෙඳුන්ට අනතුරු අඟවා තිබෙනවා.
මධ්‍යස්ථානය හිමි ඕස්ට්‍රේලියානු ඉන්දියානු ප්‍රජා පුණ්‍යායතන භාරයේ සභාපති වාසන් ශ්‍රීනිවාසන් පැවසුවේ 2021 දී ඉන්දීය රජය මෙම ප්‍රතිමාව මධ්‍යස්ථානයට පරිත්‍යාග කළ බවයි.











