ඉදිරි මාස තුන ඇතුළත වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා ටෙන්ඩර් කැදවීමෙන් අනතුරුව ආයතනයකට ලබා දී ඇති අතර එම ආයතනය අදාළ කටයුතු ආරම්භ කිරීමේ මූලික කටයුතු සකස් කරමින් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලයට අනුබද්ධව වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් මේ වන විට ලක්ෂ 4ක පමණ වාහන සඳහා වාහන අංක තහඩු නිකුත් කිරිමට නියමිතව ඇති බව වාර්තා වනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව කඩිනමින්, අදාළ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි.











