දේශීය

ඇමති බිමල්ගෙන් බස්රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු හඳුනාගැනීමට හැකි වුවහොත් එම බස් රථයේ හිමිකරුගේ මාර්ග බලපත්‍රය අහෝසිකරීමට කටයුතු කරන බවට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා..

” බස් හිමියා දන්නවා තමන්ගේ බස් රථ රියදුරා හෝ  කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද නැද්ද කියලා. 

ඒ නිසා බස් හිමියන්ට කියනවා, කිසිසේත්ම ඊට ඉඩ දෙන්න එපා. එසේ නොවුණොත් මාර්ග බලපත්‍රය නැතිවෙන්න පුළුවන්. 

අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නෑ බස් රථයේ හිමිකරුවා නොදැන මත්ද්‍රව්‍ය භාවිතා කරන බස්රථ රියදුරු හෝ කොන්දොස්තරවරයෙකු ඉන්න පුළුවන් කියලා.

ඒ නිසා ඔබේ බලපත්‍රය අහිමිකරග්නවා වෙනුවට වගකීමෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවුණ යොදව ගන්න ඔබේ ව්‍යාපාරයට. නැත්නම් ඔබට ව්‍යාපාරය අහිමි වෙයි. ඕනතරම් තරුණ රියදුරු මහත්වරු ගම්වල ඉන්නවා.” 

Shares: