දේශීය

නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම ගැන CID පරිගණක අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති වසර 3කට පසු කනගාටු වෙයි

බුදු දහමට අපහාස කළේ යැයි කියමින් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත් ප්‍රහසන ශිල්පිනිය නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් අද (පෙබරවාරි 19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ ඇය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ කනගාටුව පළ කළ බව රජයේ නීතිඥවරයා විසින් දැනුම් දී තිබෙනවා.

මෙම කනගාටුවට අදාළ ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර
අලුත් මාර්ගෝපදේශ මාලාවක්
ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේදී සිදුවිය හැකි අනීතික ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිවරයා තීරණය කර ඇති බවද අධිකරණයට දැනුම්දුන්නා.
එම මාර්ගෝපදේශ මාලාව දින දෙකක් තුළ සියලු පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට නියමිත බවද සඳහන් කර තිබෙනවා.

🔹 මූලික අයිතිවාසිකම් පෙත්සම
ICCPR පනත යටතේ තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් නතාෂා එදිරිසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූවා.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරිණා.

👉 නතාෂා එදිරිසූරියගේ ප්‍රකාශය,
“ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නෙ කොහොම ද?”

මෙම නඩුව ICCPR පනත භාවිතා කිරීම පිළිබඳව සහ ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන් විශාල සමාජ අවධානයක් යොමු කරමින් පවතිනවා.

 

Shares: