උණුසුම් පුවත්දේශීය

විදුලිබල සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස නියෝග

දැනට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නියැලී සිටින සියලුම විදුලිබල මණ්ඩල සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස EDL සහ NTNSP කළමනාකරණය දැඩි නියෝග නිකුත් කර තිබෙනවා.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත යටතේ, CEB මෙහෙයුම් 2026 මාර්තු 9 වන දින නිල වශයෙන් අනුප්‍රාප්තික සමාගම් හතරකට මාරු කර ඇති අතර, අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා සියලුම සේවකයින් වහාම රාජකාරි ආරම්භ කළ යුතුය.

2026 පෙබරවාරි 28 වන දින අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2477/47 යටතේ විදුලි සැපයුම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශ කර ඇති බැවින්, රාජකාරි ආරම්භ නොකිරීම බරපතල නීතිමය අපරාධයක් ලෙස සැලකේ.

අලුතින් පිහිටුවන ලද සමාගම්වල තනතුරු සඳහා පත්වීම් ලිපි නිකුත් වුවද, සේවකයින්ගේ වහාම රාජකාරි වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය ඉවත්වන්නේ නැත. සේවයට වාර්තා නොකරන්නේ නම් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද තවදුරටත් සඳහන් කර තිබුණා.

Shares: