අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ආයතන සහ පුද්ගලයින් (Online Business) මෙන්ම කුරියර් සේවා (Courier Services) ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. උත්සව සමයේ Online වෙළෙඳාම වැඩි වීම හේතුවෙන් මෙම ක්ෂේත්රය නියාමනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර, 2023 මැයි 17 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ විධාන අංක 91 යටතේ මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත.
අමතරව, ගුණත්වයෙන් තොර භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, පාරිභෝගික සුරක්ෂිතතාවයට හානි කරන ද්‍රව්‍ය වෙළඳපොළට නිකුත් නොකරන ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 2026 වසර තුළ පාරිභෝගික විශ්වාසය ඇති, ආරක්ෂිත වෙළඳපොළක් නිර්මාණය කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවද සඳහන් කරයි.











