කාළගුණයවිදෙස්

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවක් – කාබුල්හි ජීවිත හානි

ඇෆ්ගනිස්ථානය තුළ සිදු වූ ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් කාබුල් නගරයේ නිවසක් කඩා වැටී පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස්, එක් දරුවෙකු තුවාල ලබා ඇති බව ජාතික ආපදා කළමනාකරණ බලධාරීන් පවසා තිබෙනවා.

GFZ ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය අනුව, රික්ටර් මාපකයේ 5.9 ක භූමිකම්පාවක් හින්දු කුෂ් කලාපයේ කිලෝමීටර 177 ක ගැඹුරින් සිදු වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානය, රළු කඳු සහිත භූගෝලීය තත්ත්වය හේතුවෙන්, භූමිකම්පා වැනි ස්වාභාවික විපත් සඳහා ඉතා සංකීර්ණ කලාපයක්. සෑම වසරකම සාමාන්‍යයෙන් පුද්ගලයින් 560 කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වනවා. නොවැම්බර් මාසයේ සිදු වූ 6.3 ක භූමිකම්පාවකින්, අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස්,නිවාස සිය ගණනක් විනාශ වී තිබුණා.

Shares: