අධික වැසි සහ පවතින භූමි තත්ත්වයන් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ හි ප්‍රදේශ කිහිපයකට නායයෑම් අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොලොන්නාව සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා 1 මට්ටමේ (Level 1) නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මෙම අනතුරු ඇඟවීම හෙට (අප්‍රේල් 5) සවස 5.00 දක්වා බලපැවැත්වෙන අතර, එම ප්‍රදේශවල ජනතාවට විශේෂයෙන් අවධානයෙන් සිටීමට උපදෙස් දී තිබෙනවා.
පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ, භූමිය පසලීවීම, පස් චලනය වීම, හෝ ගල් කඩා වැටීම් වැනි ලක්ෂණ දැක්නහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කිරීම අත්‍යවශ්‍ය බවයි.
ජීවිත හා දේපල ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, අදාළ උපදෙස් පිළිපැදීම ජනතාවට ඉතා වැදගත් වේ.











