අද දින 1.00ට පසු බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත් වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයකට මිලිමීටර් 50 පමණ වන තරමක තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබෙනවා.
එමෙන්ම, උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, උතුරු මධ්‍යම සහ ඌව පළාත් වලත්, ගාල්ල, මාතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් මීදුම් සහිත තත්ත්වයක්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි දැඩි සුළං සහ අකුණු හේතුවෙන් මහජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබෙනවා.











