දේශීය

ශ්‍රී ලංකාවට සංචාරය — බංග්ලාදේශ සංචාරකයන්ට තවමත් සුරක්ෂිතයි

ලෝකය පුරා යුද්ධ තත්ත්වයන් සහ ආර්ථික අස්ථාවරතා පවතින මේ සමයේත්, ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට බංග්ලාදේශ සංචාරකයන්ට කිසිඳු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසා තිබෙනවා.

ඩකා නගරයේ Le Meridien හෝටලයේ අප්‍රේල් 5 දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, හෝටල්, ප්‍රවාහන සහ සංචාරක සේවා කිසිදු බලශක්ති අර්බුදයකට ලක් නොවන බවයි. සංචාරකයන්ට සේවා බාධාවක් නොමැති බවයි. හෝටල් ගාස්තු හෝ සේවා ගාස්තු ඉහළ නැංවී නොමැති බවයි.

“සංචාරකයන්ට කිසිඳු බාධාවක් නැහැ. ශ්‍රී ලංකාව තවමත් සුරක්ෂිත සහ පහසු ගමනාන්තයක්” යැයි ඔහු අවධාරණය කර තිබුණා.

ගුවන් ගාස්තු පමණක් ඉහළට

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රාදේශීය කළමනාකරු ෆවුසාන් ෆරීද් මහතා අනාවරණය කළේ, ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගුවන් ටිකට්පත් ගාස්තු වැඩිවී ඇති බවයි. එයට හේතුව, ධාකා – කොළඹ මාර්ගයේ USD 30 – 15 අතර fuel surcharge එකක් එක් කර තිබෙනවා, Hormuz සමුද්‍ර සන්ධියේ ගැටලුමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල අස්ථාවර වී තිබෙනවා.

සංචාරක වර්ධනයේ නව පියවර

පසුගිය වසරේ බංග්ලාදේශයෙන් 60,000 සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙම වසරේ දැනටමත් 10,000ක් පැමිණ තිබෙනවා. වසර අවසානයේ 100,000ක් දක්වා ඉහළ යාම අපේක්ෂා කරනවා.

සංචාරකයන්ට නව අත්දැකීම්
ශ්‍රී ලංකාව දැන් පමණක් beach destination එකක් නොව, Adventure tourism, Diving සහ underwater activities, Hiking & hillside experiences, Wedding tourism, Solo travel, Medical tourism
වැනි විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛ ගමනාන්තයක් වෙමින් පවතිනවා.

දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම

මෙම වැඩසටහනේදී දෙරට අතර සංචාරක සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ විශාල අවධානයක් යොමු මේ තිබුණා.

එහෙත් අභියෝගයක් ලෙස බංග්ලාදේශ සංචාරක ක්ෂේත්‍ර නියෝජිතයන් පෙන්වා දුන්නේ, BDT 55,000 – 75,000 දක්වා ගුවන් ගාස්තු ඉහළ යාම, ETA වීසා ගාස්තු (USD 20)
යන කරුණු සංචාරකයන්ට බාධාවක් වන බවයි.

එහෙත්, ශක්තිමත් ගුවන් සම්බන්ධතා, වැඩිදියුණු කළ පහසුකම් සහ විවිධ සංචාරක අත්දැකීම් සමඟ, ශ්‍රී ලංකාව බංග්ලාදේශයට අතිශය ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ඉදිරියට යමින් පවතිනවා.

 

Shares: