බැංකොක් ගුවන් තොටුපලේ සිදුවූ ගැටුමක් ගැන ශ්‍රී ලංකන් එයාලයින් වෙතින් පැහැදිලි කිරීමක්
ශ්‍රී ලංකන් එයාලයින් විසින්, බැංකොක්හි Suvarnabhumi International Airport හි සිදුවූ බව කියන ගුවන් සේවා නිලධාරියෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලය අතර ගැටුමක් පිළිබඳ
පළවූ මාධ්‍ය වාර්තා “අසත්‍ය” බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අප්‍රේල් 2, ශ්‍රීලංකන් එයාලයින් කාර්ය මණ්ඩලය සේවා සඳහා check-in වීමට සූදානම් වෙමින් සිටින අතරතුර, SriLankan Country Manager මගී check-in ප්‍රදේශයට ඇතුළු වී ගුවන් යානයේ ක්‍රියාත්මක කාර්ය මණ්ඩලය සහ ස්ථාන කළමනාකරු සමඟ ගැටුමකට පැමිණ ඇති බවයි නිවේදනයේ සඳහන් වී තිබුණේ.
සිද්ධිය වහාම Suvarnabhumi ගුවන් තොටුපල පොලිසියට වාර්තා කර ඇති අතර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ශ්‍රීලංකන් එයාලයින් සමාගම සඳහන් කළේ,
Country Managerගේ මෙම ක්‍රියාව නීතිවිරෝධී, අසම්මත සහ සමාගම් නීති උල්ලංඝනය කරන ක්‍රියාවක් බවයි.
ඒ අනුව,ඔහු ක්ෂණිකව සේවයෙන් අත්හිටුවා තිබෙනවා. වහාම ශ්‍රී ලංකාවට ආපසු කැඳවා තිබෙනවා.
ඔබගේ අදහස කුමක්ද? මෙවැනි සිද්ධීන් ගැන ඔබට හිතෙන්නේ මොනවද? Comment කරන්න 👇











