අපේ රටේ කලා ලෝකයේ හාස්‍යයට නව අර්ථයක් දුන්, රසික හදවත් දිනාගත් අමතක නොවන දෙදෙනකු වන බන්දු සමරසිංහ සහ බිංදු මහතාගේ සුන්දර වීඩියෝවක් සමාජ මාධ්‍ය අතරේ සංසරනය වන අතරේ Lanka Hit News අපි ආදරේ කරන කලාකරුවන් දෙපලක් නිසා පුංචි විපරමක් කරලා බලන්න කියලා හිතුවා.
මොකද මෙම කලාකරුවන් දෙපල සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ සාවද්‍ය තොරතුරු බොහොමයක් සංසරනය වන නිසා අපි හිතුව මේ සිද්ධියේ ඇත්තම තොරතුරු ටිකක් ඔබත් සමග බෙදා ගන්නට.
පසුගිය කාලය පුරාවට මේ දෙන්නා අතර පුංචි පුංචි මතභේද සහ සිත් රිදවීම් තිබුණා කියලා
අපිට අහන්න ලැබුණා.
නමුත් මේ අලුත් අවුරුද්දේනම් අපි හැමෝටම සුභ ආරංචියක් තියනවා. ඒ තමා මෙම කලාකරුවන් දෙපලම අනවබෝධයෙන් සහ සමහරක් පහත් මිනිස්සුන්ගේ වැරදි මවාපෑම් නිසා බොහෝ කාලයක් දුරට වෙලා උන්න මේ දෙන්නව එකම වහලක් යට සුන්දර කතාබහකට එකතු කර ගන්න බන්දූ සමරසිංහගේ පුත්‍ර රත්නය වගේම අපේ මිත්‍රයෙක් වෙන කාන්චන සමරසිංහට පුලුවං වෙලා තියනවා.
“ඒ හැමදේම අමතක කරලා ඒ දෙන්නා නැවතත් හදවතින් එකතු වෙලා තියෙනවා!”
“ඒක හරිම සංවේදී හමුවීමක්…”
කාංචන අපිට කිව්වෙත් එහෙමයි..
බිංදු ගිහින් බන්දු මහත්මයා හමුවෙලා, අත් අල්ලාගෙන හිනාවෙලා ඉන්න ඒ සතුටුදායක මොහොතේ පින්තූරය දකිනකොට අපිටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනා.
රසිකයන් විදියට අපිටත් කියන්න තියෙන්නේ මේක තමයි වෙන්න ඕන හොඳම දේ… කියලා.
මේක තමා සහෝදරත්වය කියලා.
බන්දු මහත්මයා පැවසූ ලස්සන වචන පේලි දෙකක් පපුවේ ගැඹුරටම දැනුනා.
එකක්,
“බිංදුට ඕන වෙලාවක මාව බලන්න එන්න පුළුවන්” කියලා.
අනිත් එක, තමා බංදු සමරසිංහ මහත්මයා කියනවා,
“දරුවො දෙන්නගේ මොන්ටිසෝරියෙන් පස්සේ පලවෙනි වසරට දානකොට මට කියන්න. මම ජීවත් වෙලා හිටියොත් ලමයි දෙන්නව බිංදුට කැමති ඉස්කෝලෙකට මම දාලා දෙන්නම්”
කියලා කියන එක.
රසිකයන් වෙන අපි අතරට ආපු තවත් උණුසුම් ආරංචියක් තමයි, මේ දෙන්නා නැවත එකතු වෙලා අලුත් කලා නිර්මාණයක් කරන්නත් සූදානමක් තියෙනවා කියලා කියපු එක.
තරඟ වෙනුවට සහෝදරත්වය තෝරාගත් මේ කතාව අපි හැමෝටම ලොකු පාඩමක් 💯
ඔබට මේ හමුවීම ගැන මොනවද හිතෙන්නේ? Comment කරන්න 👇











