අහුන්ගල්ල ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදුකළ මෙහෙයුමකදී, “ලොකු පැටී” නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සහෝදරයා වන “පොඩි පැටී” වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සිදුවී ඇත්තේ අප්‍රේල් 16 වනදාය. “පොඩි පැටී” ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී, අහුන්ගල්ල ලෝකන්වත්ත සුසාන භූමිය අසලදී, T-56 වර්ගයේ ගිනිඅවි භාවිතා කරමින් ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව, STFට ලැබුණු රහස් තොරතුරක් මත කොස්ගොඩ හෙගල්ල ප්‍රදේශයේ සැඟවී සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් අවස්ථාවේ, “අයිස්” (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 760ක් ද සොයාගෙන තිබෙනවා.
සැකකරු, වයස අවුරුදු 45ක් වන කොස්ගොඩ පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අහුන්ගල්ල පොලීසිය විසින් සිදුකරමින් පවතිනවා.











