දේශීය

හමුදා සෙබළෙකුගේ ජීවිතය බිලිගත් අවාසනාවන්ත අනතුරක්…

 

ඊයේ (17) දහවල් මදුරුඔය ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු පාසලේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාර්තා වන ආකාරයට, පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් හදිසියේ කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී තිබෙනවා.

මරණයට පත්වූයේ, වයස අවුරුදු 37ක් වන ලාන්ස් කෝප්‍රල් තනතුර දරන ශ්‍රී ලංකා යුද හමුදා සෙබළෙකුයි. ඔහු මදිවෙල, ජනකගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

මෘත දේහය මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් (Post-mortem) සිදු කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරලගන්විල පොලීසිය විසින් සිදුකරමින් පවතී.

 

Shares: