ව්‍යාජ හැඳුනුම්පතක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් මූල්‍ය වංචා සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යක්කල පොලිස් වසමේ බැලුම්මහර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ ලැබුණු රහස් තොරතුරකට අනුවයි.
පොලීසිය පවසන්නේ සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60ක පුද්ගලයෙකු බවයි.
වැඩිදුර විමර්ශනවලින් හෙළිවී ඇත්තේ විදේශ රැකියා ලබාදෙන බවට බොරු පොරොන්දු දී මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ විවෘත වරෙන්තුවක් යටතේ මෙම සැකකරුට සොයමින් සිට තිබෙන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ යක්කල පොලිසිය විසින් මේ වනවිට සිදු කරමින් පවතිනවා.
විශේෂ අවවාදය, විදේශ රැකියා හෝ වෙනත් අවස්ථා ලබාදෙන බවට අනීතික ලෙස මුදල් ඉල්ලා සිටින පුද්ගලයන්ගෙන්
සැලකිලිමත් වන්න!











