අද (29) පස්වරු 1.00 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. විශේෂයෙන් උතුර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව සඳහන් වනවා.
දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි තත්ත්වයන් ද අපේක්ෂා කළ හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම මීදුම් සහිත කාලගුණයක් ද ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ජනතාව අවධානයෙන් කටයුතු කර ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.
ගමන් බිමන් යන ඔබ කුඩයක් රැගෙන යාමට අමතක නොකරන්න! අකුණු සහිත අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න. අලුයම රිය ධාවනයේදී මීදුම හේතුවෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න.











