කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිතදිග මෝසම් වැසි තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි. ඒ සමඟම ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
අද (21) වැඩි අවදානයක් යොමු කළ යුතු ප්‍රදේශ ලෙස, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්, එසේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක් තද වැසි අපේක්ෂා කෙරෙනවා.
වැසි වාර කිහිපයක් අපේක්ෂිත ප්‍රදේශ ලෙස, උතුරු පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කය සදහන්ව තිබෙනවා.
පස්වරු 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ වශයෙන්, ඌව පළාත සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක බලාපොරොත්තු විය හැකියි.
තරමක් තද සුළං (පැයට කි.මී. 30-40), මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තද සුළං, අකුණු සහ අධික වැසි හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ජනතාවට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන්න, අකුණු අවස්ථාවල විවෘත ස්ථානවල රැඳී නොසිටින්න, දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න










