වෙසක් උත්සවය නිමිත්තෙන් ඉන්ධන සහ විදුලිය භාවිතය සම්බන්ධයෙන් කලින් පනවා තිබූ රෙගුලාසි ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
මෙම තීරණය දැනුම් දී ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවති “බුද්ධ රශ්මි වෙසක් කලාපය” පිළිබඳ අවසන් සම්බන්ධීකරණ රැස්වීමේදී වන අතර, එය අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රි මහතාගේ ප්රධානත්වයෙන් පවත්වා තිබෙනවා.
මෙවර සාකච්ඡාවේ ප්රධාන අවධානය යොමු වූයේ, වෙසක් කලාපයේ විධිවිධාන සහ වෙසක් සමයේ බලශක්ති පරිභෝජනය කළමනාකරණය කිරීම පිළිබඳවයි.
ගංගාරාම විහාරාධිපති පූජ්ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්රකාශ කළේ, පවතින අර්බුදකාරී තත්ත්වයෙන් පසු මෙවර වෙසක් සැමරුම් පෙර වසරවලට වඩා අරපිරිමැස්මෙන් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවයි.
අවම ඉන්ධන හා විදුලි වියදමකින්
“බුද්ධ රශ්මි වෙසක් කලාපය” තුළ වෙසක් කලාපය ආලෝකමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ආමිස පූජාවට වඩා ප්රතිපත්ති පූජාවට ප්රමුඛත්වය ලබා දෙන ආධ්යාත්මික වාතාවරණයක් නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
වෙසක් කලාපය විවෘත වේලාවන්,
සෑම දිනකම රාත්රී 7.00 සිට අලුයම 12.30 දක්වා.
මෙම වැඩසටහන සාර්ථකව ක්රියාත්මක කිරීම සඳහා ත්රිවිධ හමුදාව, ශ්රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බලශක්ති හා ආරක්ෂක අමාත්යාංශ නිලධාරීන් ද එක්ව සිටිනවා.
අලෝකයෙන් පමණක් නොව, සිත් නිවෙන ආධ්යාත්මික අරුතින් වෙසක් සැමරීමට මෙවරත් බුද්ධ රශ්මි වෙසක් කලාපය සූදානම්…










