චීනයේ ව්‍යාපාරික ආයතන සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය මාධ්‍ය වෙත කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
චීන ව්‍යාපාරික ආයතන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමේදී ඊට බලපෑම් එල්ලවන ආකාරයෙන් එම ආයතන පුවත් වාර්තා කර ඇති බවට සඳහන් කරමින් චීන තානාපති කාර්යාලය මගින් නිකුත් කර ඇති බවට හැඟවෙන පරිදි ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපය තුළ ලිපියක් සංසරණය විය.
මේ සම්බන්ධයෙන් අද දෙරණ මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයෙන් විමසීමක් සිදුකළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කළේ අදාළ ලිපිය ව්‍යාජ එකක් බවය.
අදාළ ව්‍යාජ ලිපිය පහතින් දැක්වෙයි,











