කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යය බහුල දින සහ වේලාවලදී, ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳහා, පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත පිවිසීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දය වෙත අමුත්තන්ට ඇතුළු වීම අත්හිටුවනු ඇති.
පසුගිය දිනවල ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රාත්‍රී කාලයේ ගුවන් මගීන් සහ ගුවන්තොටුපොළ භාවිතා කරන්නන් අධික තදබදයකට ලක් වීම හේතුවෙන් අපහසුතා ඇති වූ බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කාර්යබහුල වේලාවන්හිදී ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීම සහ තදබදය කළමනාකරණය කිරීමට, මෙම තීරණය ගෙන තිබෙනවා.











