පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ (19) සවස් කාලයේ දී මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 46ක් වූ වෙදමුල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා හා තවත් පුද්ගලයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.











