හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ ඔහු ජනාධිපති ධුරය දරන සමයේ සිදුකළ විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.
මෙම විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා එංගලන්තයට යෑම සම්බන්ධයෙනුයි මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ.











