උණුසුම් පුවත්දේශීය

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට..

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා.

එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගෙන ඇති බව කියන සිදුවීමකට අදාළව කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු ජනපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ.

2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 දිනවල එම සංචාරය සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

Shares: