පසුගිය වසර හතර තුළ ඕස්ට්‍රේලියාවේ මාර්ගවල මියගිය පදිකයින් සංඛ්‍යාව 50% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ෆෙඩරල් රජයේ සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ 2025 ජූලි 31 දක්වා මාස දොළහ තුළ පදිකයින් 205 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙය 2021ට වඩා 48%කට වඩා වැඩිවීමක්.
මේ අතර එරටේ මුළු මාර්ග මරණ සංඛ්‍යාව ද ඒ හා සමාන කම්පන සහගත ප්‍රවණතාවක් හෙළි කරන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
එහිදී වසර 15ක ඉහළම අගයට ළඟා වෙමින්, පසුගිය වසරේ පමණක් ඕස්ට්‍රේලියාවේ මාර්ගවල වූ අනතුරුවලින් පුද්ගලයින් 1340ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එය 2021 සිට 22% ක වැඩිවීමක්.
මෙම අනතුරු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මෝටර් රථ සංගමයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ 2021 දී සම්මත කරන ලද ජාතික මාර්ග ආරක්ෂණ උපායමාර්ගය, 2030 වන විට මාර්ග මරණ අඩකින් අඩු කිරීමේ ඉලක්කයට වඩා “බොහෝ දුරට අඩු” බවයි.
පසුගිය වසරේ පමණක්, පදිකයින් මිය යාම 27% කට වඩා වැඩි වූ අතර, ඊට පෙර මාස 12 හා සසඳන විට තවත් මරණ 44 ක් වාර්තා වූ බවද එම ලේඛනවල සඳහන්.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ මුළු මාර්ග මරණ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව 3%ට වඩා අඩු ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර පසුගිය වසරේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ `නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්.
එම මරණ සංඛ්‍යාව 355ක්.
එය පෙර වසරට වඩා 5% ක වැඩිවීමක් බවත් මෙන්ම මුළු ප්‍රාන්ත අතරින් අඩුම වැඩිවීමක් බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.
එරටේ මෙම මාර්ග අනතුරු සිදු වීම ටැස්මේනියා ප්‍රාන්තය 41.9% ක වැඩිවීමක් ලෙස වාර්තා කළ අතර ඕස්ට්‍රේලියානු අගනුවර ප්‍රදේශය 14.3% ක වැඩිවීමක් වාර්තා කරනවා.










