ලංකා විදුලිබල නව පනතේ ප්‍රතිපාදන මත ලංකා විදුලි බල මණ්ඩලය සාමාගම් 4 කට ප්‍රතිව්‍යුහත කර තිබෙනවා.
බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජනන, බෙදාහැරීම්,සම්ප්‍රේෂණ හා ජාතික පද්ධති ක්‍රියාත්මක කිරීමට අදාළව අදාළ සමාගම් පිහිටුවා ඇති බවයි.
එම සමාගම් වන්නේ
නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්,
නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්,
ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හා
ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයි.
විදුලිබල මණ්ඩලයේ දැනට සිටින සේවකයින්ට එම සමාගම්වලින් තමන් කැමති සමාගමකට අනියුක්ත වීමට ඉල්ලුම් කළ හැකි වනවා.
ඒ සඳහා අද (27) සිට මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර සියලු සේවකයින්ට ඒ පිළිබඳ දැනුම් දෙන බවයි බලශක්ති අමාත්‍යංශය කියා සිටියේ.
රාජ්‍ය හිමිකාරීත්වය සහිත එම සාමාගම්වලට සේවයකයින්ට සිය අභිමතය පරිදී ඇතුළත් විය හැකියි.
එලෙස නව ආයතන සඳහා බැඳීමට අකමැති සේවකයින් වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මේ අතර පිහිටවූ නව ආයතනවල ඉහළ කළමණාකාරිත්වය සඳහා දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ ඉහල තනතුරු හොබවන ඉංජිනේරුවරුන් බඳවා ගැනීමට ද සැලසුම් කර තිබෙනවා.











