දේශීය

මහින්දගේ නිල නිවසට කට්ටිය රැස්වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවසට අද (11) උදෑසන දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් පැමිණ තිබෙනවා.

ඒ මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බවට වාර්තා වීමත් සමඟය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබන අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී තිබෙනවා.

Shares: