දේශීය

බැංකු පෞද්ගලීකරණයට එරෙහිව රාජ්‍ය බැංකු සේවකයින් අද විරෝධතාවක

රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව සහ තවත් ගැටලු‍ කිහිපයක් මත අද විරෝධතාවයක නිරත වන බව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව ඔවුන් අද කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වීමට නියමිතයි.

මේ අතර, අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 15 වනදායින් පසුව තවදුරටත් තීව්‍ර කරන බවයි විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළේ.

Shares: