දේශීය

රුපියල් මිලියන 85ක ‘කුෂ්’ සමග ඉන්දීය ජාතිකයෙකු කොටු..

 

රුපියල් මිලියන 85ක් පමණ වටිනා ‘කුෂ්’ මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8.54ක් සමග ඉන්දීය ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ සිට ඉන්දියාව බලා යමින් සිටි 33න් හැවිරිදි ඉන්දීය ජාතිකයා කටුනායක ගුවන්තොටින් එම මත්ද්‍රව්‍ය තොගය නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

Shares: