තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුන්ට විදේශයේ සිට ආනයනය කළ දුම්වැටි විකුණු බවට සැකපිට ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවිධ රසයෙන් යුක්ත මෙම දුම්වැටි අදාළ ව්‍යාපාරිකයා විසින් විකිණීමට පාසල් සිසුවෙකුට ලබාදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එක් දුම්වැටියක් රුපියල් 100ක මුදලකට එම සිසුවාට ලබා දී ඇති අතර, අදාළ පාසල් සිසුවා එම දුම්වැටි පාසලේ දී විකුණා ඇත්තේ රු 200ක මුදලකටයි.
පාසලේම සිසුවෙකු විසින් විදුහල්පතිවරයාට සිදුකළ දැනුම්දීමකන් අනතුරුව දුම්වැටි විකුණන සිසුවා ගෙන්වා පරීක්ෂා කොට ඇති අතර, එහිදීයි සිසුවා සන්තකයේ තිබී විදේශිය දුම්වැටි දෙකක් හමුවී ඇත්තේ.
පසුව තණමල්විල පොලිස් පරීක්ෂකවරයාට කළ දැනුම්දීමකින් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථානය වටලා ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ දුම්වැටි 690ක් හා දුම්වැටි විකුණා උපයාගත් රුපියල් 3,60000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.











